මැලේසියාවේ මහ මැතිවරණයෙන් විරුද්ධ පක්ෂය ජයග්‍රහණය කිරීම නව අරුණෝදයක පෙරනිමිති පෙන්වන බව දේශපාලඥ අන්වර් ඊබ්‍රාහිම් නිදහස ලැබීමත් සමග දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
වරක් මැලේසියාවේ අනාගත නායකයෙකු ලෙසද කැපී පෙනුණු අන්වර් ඊබ්‍රාහිම් දූෂණ චෝදනා යටතේ සිරගත කරනු ලැබුවේ එවකට මැලේසියානු රජයට විරුද්ධව නැගී සිටීමත් සමගිනි.
කෙසේ වෙතත්, පසුගියදා පැවති මහ මැතිවරණයෙන් මැලේසියාවේ කෘතහස්ථ දේශපාලඥ මහතීර් මොහොමඩ් එරට විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් යළි බලයට පත්වීමත් සමග ඔහු අන්වර් වෙත සමාවක් ලබාදෙන ලදී.
ඒ අනුව, ඉදිරි වසර දෙකක කාලය තුළ අන්වර් තමන් සමීපයේ තබා ගනිමින් ඔහු එරට නව නායකයා බවට පත්කිරීමේ කටයුතු අරඹන බවද මහතීර් පවසා ඇත.
මීට වසර තුනකට පෙර දෙවැනි වතාවටත් සිරගත කළ අන්වර් මේ ආකාරයෙන් නිදහස ලැබීමත් සමග රට තුළ යළිත් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ස්ථාපිත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මැලේසියානු ජනතාවට සිය ස්තූතිය පළ කළේය.