මරේඩිත් ඝාතකයන් නොක්ස් හා සොලෙසිටෝ බව අධිකරණය කියයි


බ්‍රිතාන්‍ය ජාතික සිසුවියක වූ මරේඩිත් කර්චර් ඉතාලියේදී ඝාතනය කිරීමේ සිද්ධියේදී ඇමෙරිකාවේ ඇ‍මෙන්ඩා නොක්ස් සහ ඇගේ හිටපු ඉතාලි පෙම්වතා වන රෆායෙල් සොලෙසිටෝ වැරදිකරුවන් ලෙස ඉතාලි අධිකරණය තීන්දු කර තිබේ.

ඇ‍මෙන්ඩා නොක්ස් සහ ඇගේ හිටපු ඉතාලි පෙම්වතා වන රෆායෙල් සොලෙසිටෝ විසින් ඉදිරිපත් කරන ලද නව අභියාචනය සලකා බලමින් ඊයේ (30දා) ඉතාලි අධිකරණය නැවතත් මෙම තීන්දුව ගෙන ඇත.

ඇමෙරිකානු ජාතික ඇ‍මෙන්ඩා නොක්ස් සහ ඇගේ හිටපු ඉතාලි පෙම්වතා වන රෆායෙල් සොලෙසිටෝ තමන් වැරදිකරුවන් නොවන බවට අධියාචනයක් කර තිබුණත්, කර්චර්ගේ මරණය සම්බන්ධව දිගින් දිගටම කරුණු විභාග කළ අධිකරණය නැවත වරක් ඔවුන් දෙදෙනා වරදකරුවන් කර තිබේ.

මෙම තීන්දුවත් සමග ඇමෙන්ඩා වෙත වසර 28ක සිරදඬුවමක් හා සොලෙසිටෝ වෙත වසර 25ක සිරදඬුවමක් නියම කෙරුණු බව ඉතාලියෙන් වාර්තා වෙයි.

2007 වසරේ සිදුවූ මෙම ඝාතනයෙන් පසුව ඔවුහු වසර 4ක් සිරදඬුවම් වින්දහ. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා 2011 වසරේදී නිදහස ලැබුවත්, කර්චර් නඩුව දිගින් දිගටම විභාගයට ගැනීමේදී ඔවුන් දෙදෙනා මෙම නව අභියාචනය ඉදිරිපත් කළහ.

කර්චර් සහ නොක්ස් ඉතාලියේ පෙරූගියාහි මහල් නිවාසයක වාසය කරමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියදී, එම මහල් නිවාසයේදීම සිදුවූ පිහි ඇනුමකින් කර්චර් මරණයට පත්වීම හමුවේ නොක්ස් හා සොලෙසිටෝ වෙත එම මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

 



Recommended Articles