ඖෂධවලට ප්‍රතිචාර නොදක්වන මැලේරියා තත්ත්වයක් මියන්මාරය හා ඉන්දියාව ආශ්‍රිත දේශසීමා කොටසේ මේ වනවිට පැතිර යමින් පවතින බවත්, මෙය ගෝලීය සෞඛ්‍යයට බලවත් තර්ජනයක් බවත් විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.
මෙම මැලේරියා තත්ත්වය අග්නිදිග ආසියානු කලාපය වෙත පැතිර යා හැකි බවත්, මෙය ඉන්දියාව වෙත ඇතුළු වීමේ අවදානම වඩාත් වැඩි බවත් එම විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසති.
2000 වසරේ සිට මැලේරියාවෙන් ජීවිතක්ෂයට පත්වන පිරිසි දෙගුණයකින් පමණ අඩු වුවත්, සෑම වසරකම මැලේරියාව ආසාධනය වීමෙන් 584,000ක් ජීවිතක්ෂයට පත්වන බව සෞඛ්‍ය සංවිධාන පවසයි.
කාම්බෝජය, ලාඕසය, තායිලන්තය, වියට්නාමය සහ බුරුමය මේ වනවිට මෙම මැලේරියා තත්ත්වයට වඩාත්ම නිරාවරණය වී ඇති රාජ්‍යයන් බව පෙන්වා දෙයි.