ඇෆ්ගනිස්ථානයේ ප්‍රමුඛ පෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස සැලකෙන ශුක්‍රියා බරක්සායි වෙත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඇය දිවි ගලවාගෙන ඇති බව වාර්තා වෙයි.
කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධාරිනියක ලෙසද ප්‍රකට මන්ත්‍රී ශුක්‍රියා වෙත කාබුල් නගරයේදී එල්ල වූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් සිවිල් වැසියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව කියයි.
ඇෆ්ගනිස්තානයේ නව ජනාධිපතිවරයාගේ සමීපතම ආධාරකාරිනියක ලෙසද ප්‍රකට ඇය මෙම ප්‍රහාරයෙන් සුළු තුවාල ලබා ඇති බව කියයි.
මරාගෙන මැරෙන බෝම්බකරු පුපුරන ද්‍රව්‍ය පටවා ගත් මෝටර් රථයක් පදවාගෙන විත් ශුක්‍රියා බරක්සායිගේ වාහනය අසලදී එය පුපුරුවා හැර තිබේ.