ජාතික ආරක්ෂක උපදේශක ලෙස මයිකල් ෆ්ලින් පත්කර නොගන්නා ලෙස හිටපු ජනපති බරැක් ඔබාමා, වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත අනතුරු ඇඟවීමක් කර ඇති බව අනාවරණය වෙයි.
පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය අවසන්ව පැය 48ක් ගතවීමට පෙර එවකට ජනපති ඔබාමා, ට්‍රම්ප් වෙත මෙම අනතුරු ඇඟවීම සිදුකළ බව එදා ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ නිලධාරීන් මෙම අනාවරණය කර ඇත.
කෙසේ වෙතත්, ට්‍රම්ප් විසින් ෆ්ලින් එරට ආරක්ෂක උපදේශක ලෙස පත්කර ගත් අතර, පසුව වැඩිකලක් යාමට පෙර ඔහුව තනතුරින් ඉවත් කිරීමට ට්‍රම්ප් කටයුතු කරනු ලැබුවේ රුසියාව සමග හිටපු හමුදා ජෙනරාල්වරයාගේ පවතින දැඩි සබඳතා හේතුවෙනි.
මේ නිසාම, රුසියානු තානාපතිවරයා සමග පැවති සබඳතා සම්බන්ධයෙන් එළඹෙන සඳුදා දිනයේදී සෙනට් මණ්ඩලය ඉදිරියේදී ෆ්ලින් සාක්ෂි දීමටද නියමිතය.