නොර්වේ සහ අයිස්ලන්තය අතර පිහිටි දූපත් රාජ්‍යයක් වන ෆැරෝ හි ජීවත්වන පිරිමින්ට විවාහ වීම සඳහා කාන්තාවන් නොමැති වීමෙන් දැඩි සමාජ අර්බුදයක් හටගෙන තිබේ.
මේ තත්ත්වය තුළ ඔවුන්ට විවාහය සඳහා තායිලන්තය සහ පිලිපීනය වැනි රටවලින් කාන්තාවන් සොයාගැනීමට සිදුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මාස 6කට වඩා වැඩි දීර්ඝ ශීත කාලයක් පැවතීම නිසා බොහෝ ආසියානු කාන්තාවන්ද මෙම දිවයිනට පැමිණීමට මැළිකමක් දක්වන මුත්, එසේ පැමිණි තායිලන්ත කාන්තාවක වූ අතාවා පවසා සිටියේ තමන් එහි පැමිණි මුල් කාලයේ උණුසුම් හීටරය අසලටම වී දිවි ගෙවූ බවයි.
සංස්කෘතියෙන් මෙන්ම, දේශගුණය, භූමි ස්වභාවය මෙන්ම පරිසරයෙන් පවා වෙනස් රාජ්‍යයක බිරිඳක වී පැමිණීම අතිශය අභියෝගයක් බව අතාවා පවසයි. නමුත්, තමාගේ ගතිපැවතුම් මෙන්ම, ඔරොත්තු දීමේ හැකියාව මත අද වනවිට ඒ අභියෝග සියල්ල ජය ගනිමින් තම ස්වාමියාට හොඳ බිරිඳක වීමට තමාට හැකිවූ බවද ඇය කියයි.
විදෙස් වාර්තා පෙන්වා දෙන පරිදි මේ වනවිට 300කට අධික තායි හා පිලිපීන තරුණියන් ෆැරෝ දූපත් කොදෙව්වේ බිරින්ඳෑවරුන් බවට පත්ව සිටිති. මුළු ජනගහනය 50,000ක් පමණ වන ෆැරෝ දූපත් 18 තුළ වඩාත් විශාලතම සුළු ජන ප්‍රජාව බවටද මේ වනවිට ඔවුන් පත්ව සිටින්නේ එබැවිනි.
එරට අග්‍රාමාත්‍ය අක්සෙල් ජෝහැන්සන් පවසන ආකාරයට දළවශයෙන් කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමින්ට වඩා 2000ක් පමණ අඩුවෙන් පවතී. මේ නිසා ෆැරෝ පුරුෂයන්ට මනාලියක් සොයා ගැනීමට නම් තම දූපත් කොදෙව්වෙන් පිටත සොයා බැලීමට සිදුව තිබේ.