ව්‍යාජ ට්විටර් ගිණුමක් යොදාගෙන විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා උපුටා දක්වමින් හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා අභාවප්‍රාප්ත වූවා යැයි ප්‍රවෘත්තික් පළ කිරීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමක් සිදුකර තිබේ.
මෙම ව්‍යාජ ප්‍රවෘත්තිය පළ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුත්තන්ට එරෙහිව කටයුතු කරන ලෙසද විදේශ කටයුතු අමාත්‍යවරයාගේ දැනුම්දීම මත අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.
www.twitter.com/SrilankaMFA නමැති ව්‍යාජ ට්විටර් ගිණුම මේ සඳහා යොදාගෙන ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.