මධ්‍ය ප්‍රදේශ් සතුටේ ඇමතිට මනුෂ්‍ය ඝාතන චෝදනාවක්


මධ්‍යම ඉන්දියාවේ, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය නියෝජනය කළ සතුටේ ඇමති, මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටී.

53 හැවිරිදි ලාල් සිං අර්යා නැමති මෙම අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ වරෙන්තුවක් නිකුත් කිරීමත් සමග පසුගිය අඟහරුවාදා සිට ඔහු අතුරුදන්ව සිටින බව පොලීසිය පවසයි.

ඉන්දියාවේ, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය යනු සතුට වෙනුවෙන් අමාත්‍ය ධුරයක් පිරිනමා ඇති එකම ප්‍රාන්තය වීමද විශේෂත්වයක් වන අතර, ප්‍රාන්තයේ ජනතාවගේ සමෘද්ධිය වෙනුවෙන් මෙවැනි අමාත්‍යධුරයක් පිරිනමා ඇති බව කියයි.

කෙසේ වෙතත්, මෙම අමාත්‍යවරයාට ලබන 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ 2009 වසරේ සිදුවූයේ යැයි කියන මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙනි.

ඒ අනුව, සතුටේ ඇමති අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් පොලිස් කණ්ඩායමක් කිහිපයක්ම යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

1_Madyapradesh 2

 



Recommended Articles