මධ්‍යධරණී මුහුදේදී සංක්‍රමණිකයන් 1500ක් බේරා ගැනේ


ගෙවීගිය පැය 24ක කාලය තුළ ඉතාලිය වෙත මුහුදු මාර්ගයෙන් ඇතුළු වීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් 1,500ක් රැගත් බෝට්ටු කිහිපයක් බේරාගැනීමට හැකිවූ බව ඉතාලි වෙරළාරක්ෂකයෝ පවසති.

බෝට්ටු 5කින් පැමිණි මෙම සංක්‍රමණිකයන් බේරාගැනීම සඳහා එරට වෙරළාරක්ෂකයන් මෙන්ම නාවික හමුදාවද යාත්‍රා පිටත්කර හැර තිබුණි.

එක්සත ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පෙන්වා දෙන්නේ පසුගිය වසරේදී පමණක් මධ්‍යධරණී මුහුද තරණය කරමින් යුරෝපයට ඇතුළු වීමට ගොස් පුද්ගලයන් 3,500ක් මියගොස් තවත් ලක්ෂ 2ක් පමණ බේරාගැනීමට හැකිවී ඇති බවයි.

ලිබියාවේ පවතින අර්බුදකාරී දේශපාලන වටපිටාව මෙසේ සරණාගත ප්‍රශ්නය වැඩි වීමට හේතු වී තිබේ.

සංක්‍රමණික බෝට්ටුවලින් ලැබුණු හදිසි ඇමතුම් අනුව ක්‍රියාත්මක වෙමින් මෙම පිරිස බේරාගෙන ඇති අතර, ඔවුන් ලැම්පදූසා දිවයින, පෝට්ස් ඔෆ් ඔගොස්ටා සහ පෝට් එම්පෙඩොක්ලේ යන ස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.

 



Recommended Articles