මක්කම ප්‍රධාන පල්ලිය මතට දොඹකරයක් වැටී 65ක් නසී


සෞදි අරාබියේ මක්කම නගරයේ දොඹකරයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 65කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව බී.බී.සී.ය කියයි.

සෞදි අරාබියේ සිවිල් ආරක්ෂක බලකාය පෙන්වාදෙන පරිදි මෙම දොඹකරය ප්‍රධාන මුස්ලිම් පල්ලිය මතට කඩා වැටීම හේතුවෙන් තවත් පුද්ගලයන් 8කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

අනතුරට හේතුව පැහැදිලි නැතත් දොඹකරයේ විශාල කොටසක් මුස්ලිම් පල්ලියේ වහලය තුළින් එතුළට කඩා වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.

වාර්ෂික හජ් වන්දනාවට මක්කම සූදානම් වෙමින් ප්‍රධාන මුස්ලිම් පල්ලිය තවත් විශාල කිරීමේ කටයුතු සිදුකෙරමින් පැවති බව කියයි.



Recommended Articles