බෝල්ටික් මුහුදේ රුසියානු හමුදා අභ්‍යාස ගැන විමසිල්ලෙන්


බෝල්ටික් මුහුදු තීරයේ රුසියානු ගුවන් හා නාවුක අභ්‍යාස පෙරනොවූවිරූ අයුරින් සිදුවූ බව පෝලන්තය පවසයි.

පෝලන්ත ආරක්ෂක අමාත්‍ය ටොමාස් සීමොනියෑක් පවසන්නේ මෙම අභ්‍යාස හේතුවෙන් වඩාත්ම තර්ජනයට ලක්ව ඇති රට ස්වීඩනය බවයි.

කෙසේ වෙතත්, බෝල්ටික් රාජ්‍යයන්ගේ නේටෝ හවුල්කරුවෙකු වන බ්‍රිතාන්‍ය ගුවන් යානාද පසුගිය සතිය තුළ රුසියානු ක්‍රියාකාරකම් දෙස විමසිල්ලෙන් පසුවූ බව කියයි.

යුක්රේනයේ පතින ගැටුම්කාරී තත්ත්වය මෙම කලාපයේ උණුසුමටද හේතුවක් වී තිබේ.



Recommended Articles