බෝම්බ ප්‍රහාර රැසකට සම්බන්ධ මුජහිඩීන් සිරකරුවෝ පලායති


බංග්ලාදේශය තුළ බෝම්බ ප්‍රහාර මාලාවකට සම්බන්ධවීමේ චෝදනාවලට වැරදිකරුවන් වූ සිරකරුවන් තිදෙනකු එරට බන්ධනාගාර රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පලාගොස් ඇති බව එරටින් වාර්තා වෙයි.

මොවුන් ප්‍රවාහනය කරමින් සිටියදී එම රථයට හදිසියේ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඒ වෙත බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කොට තිබේ. මෙහිදී පොලීසිය හා ප්‍රහාරකයන් අතර ගැටුම් ඇත්වෙද්දී සිරකරුවන් පළාගොස් තිබිණි. මෙම ප්‍රහාරයේදී පොලිස් නිලධාරියකු මියිගොස්, තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මෙසේ පළාගොස් ඇති සිරකරුවන්ගෙන් දෙදෙනෙක් එරට තහනම් කොට ඇති ජමයිතුල් මුජහිඩීන් සංවිධානයේ සාමාජිකයන් බවද කියැවෙයි.

2005 වසරේදී 28 දෙනෙකුට මරු කැඳවමින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඔවුන් වරදකරුවන් වී තිබිණි.



Recommended Articles