බොලිවුඩ් නිළියට ගුවන් යානයේදී අකරතැබ්බක්


දිල්ලියේ සිට මුම්බායි දක්වා ගමන් කළ ගුවන් යානයකදී බොලිවුඩ් නිළියක හිරිහැරයකට ලක්ව තිබේ.

17 හැවිරිදි නවක නිළියක වන සයිරා වසීම් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා මෙම චෝදනාව සිදුකර ඇති අතර, ඇය පවසන්නේ තමන් නින්දේ පසුවන අවස්ථාවේදී මැදිවයසේ පිරිමියෙකු ඔහුගේ පාදයෙන් තම පිට හා බෙල්ල ස්පර්ශ කළ බවයි.

එහිදී, ඇය මෙම සිදුවීම තම ජංගම දුරකථනයෙන් පටිගත කිරීමට උත්සාහ ගෙන තිබුණත්, ඒ වනවිට යානයේ විදුලි ආලෝකය නිවා තිබූ නිසා එය හරිහැටි පටිගත වී නොමැති බවද ඇය කියයි. කෙසේ වෙතත්, ඇය එම වීඩියෝව ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබේ.

එයාර් විස්ටාරා ගුවන් සේවය මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.

1_wasim2.png 2



Recommended Articles