බොලිවුඩ් චිත්‍රපට තහනම පාකිස්තානය ඉවත්කරයි


ඉන්දු - පාකිස්තාන කාශ්මීර දේශසීමාවේ ඇති වූ උණුසුම් වාතාවරණය හමුවේ පාකිස්තානය තුළ තහනම් කෙරුණු ඉන්දීය සිනමාපට යළි එරට තුළ ප්‍රදර්ශනය කිරීමට අවසරය ලබාදී තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී එම කලාපයේ හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම උණුසුම ඇති වූ අතර, ඉන්දීය සිනමා කර්මාන්තයේ ඇතැම් අධ්‍යක්ෂවරු විසින් පාකිස්තාන නළු නිළියන් එරට සිනමාව තුළ තහනම් කිරීමද පාකිස්තානය තුළ බොලිවුඩ් සිනමා පට තහනමට හේතු විය.

කෙසේ වෙතත්, පාකිස්තානය තුළ බොලිවුඩය අතිශය ජනාදරයට පාත්‍ර වී ඇති අතර, මේ ආකාරයෙන් පාකිස්තානය විසින් තහනමක් පැනවීම ආදායම්වලද ශීඝ්‍ර පහළ යෑමක් වාර්තා කර තිබේ.



Recommended Articles