බෙල්ජියමේ යුදෙව් කෞතුකාගාරයක දරුණු වෙඩි තැබීමක්


බෙල්ජියමේ, බ්‍රසල්ස් අගනුවර යුදෙව් කෞතුකාගාරයක තුවක්කකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සිව්වැන් පුද්ගලයාගේ තත්ත්වය බරපතල බව කියැවෙයි.

මෝටර් රථයකින් පැමිණි තුවක්කකරු, ඉන් බිමට බැස කෞතුකාගාර දොරටුවේ සිටි පුද්ගලයන් දෙසට වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

අනතුරුව නැවතත් මෝටර් රථයට නැගුණු ඔහු විදුලි වේගයෙන් පලා ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.



Recommended Articles