බෙන්ජමින් නෙතන්යාහු යළිත් අගමැති ධුරයට


ඊශ්‍රායල මහ මැතිවරණයෙන් ලිකුඩ් පක්ෂ අගමැති අපේක්ෂක වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිව්වැනි වරටත් අගමැතිවරයා ලෙස අද (18දා) තේරී පත්ව තිබේ.

කෙසේ වෙතත් ඔහුගේ පක්ෂයට පාර්ලිමේන්තු ආසන 120 න් 29ක් පමණක් දිනාගැනීමට හැකිවීම තුළ යළි හවුල් ආණ්ඩුවකට යෑමට ඔහුට සිදුවනු ඇති බව කියැවෙයි.

එමෙන්ම, ඔහුගේ ප්‍රතිවාදී මධ්‍ය වාමාංශික යුදෙව් ඒකීය සන්ධානය ආසන 24ක් දිනා ගැනීමට සමත්ව තිබේ.

තමන් මෙවර මැතිවරණය ජයගත් විට පලස්තීනය අතුගා දමන බව ඔහු සිය මැතිවරණ වේදිකාවේදී කියා සිටියේය. එමෙන්ම, ඔහුගේ විදෙස් ප්‍රතිපත්ති කෙරෙහි ජනතාව තුළ පැවති විරෝධය හේතුවෙන් ඔහු පරාජයට වත්වනු ඇති බවටද විශ්වාස කෙරිණි.



Recommended Articles