බෙංගාල බොක්කේ සංචාරක බෝට්ටු අනතුරින් ජීවිත හානි රැසක්


ඉන්දියනු සාගරයේ, අන්දමන් දූපත් ආශ්‍රිතව සංචාරකයන් පිරිසක් රැගෙන යමින් තිබූ බෝට්ටුවක් පෙරළීමෙන් එහි ගමන්ගත් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

බෙංගාල බොක්කේ, අන්දමන් මුහුදු තීරයේදී මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේදී 40 දෙනෙකු බෝට්ටුවේ ගමන් කරමින් සිට ඇති බවද කියැවෙයි. කෙසේ වෙතත් 13 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට හැකිවී තිබෙන අතර, තවත් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බවද කියැවෙයි.

එන්.ඩී.ටී.වී. පුවත් සේවය පෙන්වා දෙන පරිදි ඉන්දියානු වේලාවෙන් සවස 4.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

මෙහි සිටි සියලු සංචාරකයන් ඉන්දියානුවන් බව තහවුරු කරගෙන ඇති අතර, අනතුරට හේතුව තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නොමැත. කෙසේ වෙතත් බෝට්ටුවේ ඇතිවූ සිදුරක් හේතුවෙන් අනතුර සිදුවූ බවටද ඇතැම් නිල නොවන වාර්තා ලැබෙයි.



Recommended Articles