බුරුන්ඩි ජනපතිට තුන්වැනි වර පුළුවන් වෙයි


බුරුන්ඩි ජනාධිපති පියරේ න්කුරුන්සීසා වෙත තුන් වැනි වරටත් ජනාධිපති ධුරයේ තරග කළ හැකි බවට එරට අධිකරණය තහවුරු කර තිබේ.

බුරුන්ඩි ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට වාර දෙකකට වඩා සිය ධුරයේ කටයුතු කළ නොහැකි වුවත්, සිය පළමු ධුර කාලයේදී පාර්ලිමේන්තුව විසින් ඔහුව ජනාධිපති ධුරයට පත්කළ බැවින් එම පළමු වාරය ගණන් නොගැනෙන බවට තර්කයක් ගොඩනැගුණි.

කෙසේ වෙතත්, මෙම තීරණයත් සමග එරට අගනුවර උද්ඝෝෂණ වැඩි වී ඇති බවද කියැවෙයි. එමෙන්ම, මෙම අධිකරණ තීරණයට පෙර විනිසුරුවරයෙක් රට හැර ගොස් ඇති බවද විදෙස් වාර්තා පවසයි.



Recommended Articles