කාශ්මීර් සන්නද්ධ නායක බුර්හාන් වානි මරණයට පත්වීමේ සංවත්සරය යෙදීමත් සමග ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ පැතිර ගිය ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වී තිබේ.
ආරක්ෂක අංශ වෙත ගල්මුල්වලින් පහරදුන් විරෝධතාකරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
එමෙන්ම, පසුගිය වසරේදී ඉන්දීය හමුදා සමග පැවති ගැටුමේදී ජීවිතක්ෂයට පත් බුර්හාන් වානිගේ උපන් ගම්මානය වැටලීමටද ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි.
මේ අතර, ගැටුම්කාරී තත්ත්වයක් පවතින කාශ්මීර් දේශ සීමාව ඔස්සේ ඉන්දියානු සහ පාකිස්තාන් හමුදා එල්ල කරගත් ප්‍රහාරවලින් තවත් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එය මෑත භාගයේදී දෙරටේ හමුදා අතර සිදුවූ දරුණුතම ගැටුමක් බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානය චෝදනා නගමින් පවසන්නේ ඉන්දීය හමුදා එල්ල කළ ෂෙල් ප්‍රහාරයකින් තම කලාපයේ ජීවිත 5ක් අහිමි වූ බවයි.
එහිදී, ඉන්දියාව පවසන්නේ පාකිස්තාන හමුදා එල්ල කළ ෂෙල් ප්‍රහාරයක් ඉන්දීය පාලනයේ පවතින කාෂ්මීරයේ නිවසකට පතිත වීමෙන් එහි සිටි අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්වූ බවයි.