බුර්කිනීස් භාවිතය තහනමට ලක්වෙයි


සම්පූර්ණයෙන් ශරීරය ආවරණය වන නාන ඇඳුමක් ලෙස සැලකෙන බුර්කිනීස් භාවිතය ප්‍රංශයේ කොර්සිකා නගරය තුළ තහනම් කර තිබේ.

බුර්කිනීස් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා තිබූ අතර, මෙම සිදුවීමෙන් පසුව මෙම තහනම පනවා තිබේ.

ප්‍රංශයේ තවත් නගර කිහිපයකම මෙම බුර්කිනීස් භාවිතය තහනම් කර ඇති අතර, විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන් මෙම නාන ඇඳුම භාවිත කරන බව කියැවෙයි.

විශේෂයෙන්ම ප්‍රංශය තුළ පසුගිය කාලය පුරා සිදුවූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර මාලාව හමුවේ එරට මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබේ.



Recommended Articles