බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ බලය අල්ලාගෙන සිටින හමුදා නායකයන් එහි පාලනය සිවිල් පාලනයකට නතු කළ යුතු බවත්, එසේ නොකළහොත් බලවත් ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අප්‍රිකානු සංගමය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බටහිර අප්‍රිකාව පිළිබඳ නියෝජිත මොහොමඩ් ඉබ්න් චැම්බාස් පවසන්නේ ඔවුන් එම තීරණයට පිටුපාන්නේ නම් ඔවුන්ට සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
මේ අතර, එරට ජනතාව වීදි බසිමින් හමුදාව රටේ පාලනය අතට ගැනීමට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අරඹා ඇති බවද වාර්තා වෙයි.
දින කිහිපයක් එක දිගට පැවති විරෝධතාවන් නිසා හිටපු ජනපති බ්ලෙයාසේ කොම්පැඕරේ පසුගිය 31 වැනිදා ධුරයෙන් ඉවත් වී අයිවරි කෝස්ට් රාජ්‍යයට පළා ගියේය.
දීර්ඝ කාලයක් බලයේ සිටි ඔහු නැවතත් ව්‍යවස්ථා සංශෝධනයකින් තම ධුර කාලය වැඩිකර ගැනීමට යාමෙන් ජනතාව කුපිත වූ එරට පාර්ලිමේන්තුවටද ගිනි තැබූ අතර, අවසානයේදී ඔහු බලයෙන් ඉවත්ව ගියේය.