හදිසි කුමන්ත්‍රණයකින් බුර්කිනා ෆාසෝ හි බලය අල්ලා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වනවිට, ඔවාගාඩුආගොවු නගරයේ ඇති වූ උද්ඝෝෂණ හා ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.
අතීතයේ ප්‍රංශ කොලොනියක්ව පැවති රාජ්‍යයේ සිදුවූ මෙම හමුදා කුමන්ත්‍රණය ඇමෙරිකාව, ප්‍රංශය හා අප්‍රිකානු සංගමය විසින් හෙළාදැක තිබේ.
සමාජ සංවිධාන පෙන්වා දෙන්නේ මියගිය පුද්ගලයන්ට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කළ බවයි.