බුරන්ඩි අගනුවර ගැටුම්වලින් 90ක් නසී


බුරුන්ඩි අගනුවර වන බුජුම්බූරා හි ඇති වූ ගැටුම්වලින් මියගිය පිරිස 90 දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක අංශ පවසයි.

පසුගිය මැයි මාසයේදී බුරුන්ඩි රාජ්‍යයේ ඇති වීමට ගිය අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසුව එරට සිදුවූ දරුණුතම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව මෙය බවද කියැවෙයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ පිපිරීම් හා වෙඩි ප්‍රහාරයන් අගනගරය පුරා රාව ප්‍රතිරාව දුන් බවයි.

විශේෂයෙන්ම සිකුරාදා දිනය එවැනි මාරාන්තික හඬින් නගරය ගිගුම් දුන් බවත්, වෙඩි ප්‍රහාරයන්ට ලක්වූවන්ගේ සිරුරු නගරය පුරා වැටී තිබුණු බවත් කියැවෙයි.

එරට ආරක්ෂක අංශ පවසන්නේ තුවක්කු රැගත් පිරිසක් නගරයේ හමුදා මුරපොළ කිහිපයකට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී මෙසේ ප්‍රතිප්‍රහාර එල්ල කළ බවයි.

මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් හා හමුදා නිලධාරීන් 8 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.

 


Recommended Articles