බීජිං අගනුවර දුමාරයට රතු අවදානමක්


චීනයේ බීජිං අගනුවර පවතින අධික දුමාරය හේතුවෙන් ප්‍රථම වරට රතු අවදානමක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, බීජිං නුවර පාසල් රැසක් වසාදමා ඇති අතර, එළිමහන්වල සිදුකරන ඉදිකිරීම් ආදී සේවාවන්ද නවතා දමා තිබේ.

මෙම රතු නිවේදනය මීට පෙර බීජිං අගනුවර වෙත ලබා නොදුන් අවදානම් තත්ත්වයක් බව ෂිංහුවා පුවත් ඒජන්සිය පවසයි.

බලධාරීන් විශ්වාස කරන්නේ ඉදිරි දින තුනක කාලය මෙම දැඩි දුමාරයෙන් බීජිං අගනුවර වැසී යනු ඇති බවයි.



Recommended Articles