බිළිඳුන් 12ක් බිලි ගනිමින් ඉරාක රෝහලක් ගිනි ගනී


ඉරාකයේ බැග්ඩෑඩ් රෝහලක නොමේරූ ළදරු ඒකකයේ ඇති වූ ගින්නකින් එහි ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳුන් 12 දෙනෙකු මිය ගොස් තිබේ.

බැග්ඩෑඩ් නුවර අල් යාර්මෝයුක් රෝහල මෙම අනතුරට මුහුණදී ඇති අතර, එම සිද්ධියෙන් තවත් බිළිඳුන් 8 දෙනෙකුගේ සහ මවුවරුන් 29 දෙනෙකුගේ දිවි බේරාගැනීමට හැකි වී තිබේ.

ඒ අනුව, බේරාගනු ලැබූ සෙසු දරුවන් වෙනත් රෝහලක් වෙත මාරු කිරීමට බලධාරීහු කටයුතු කර අති අතර, සිද්ධියෙන් මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවද එරට රෝහල් ආරංචි මාර්ග කියයි.

ගින්න පාලනය කිරීම සඳහා පැය තුනක පමණ කාලයක් ගත වී ඇති අතර, රාත්‍රී කාලයේදී ගින්න පිතිරුණු බව කියයි.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ විදුලි කාන්දුවක් මෙම අනතුරට හේතුව විය හැකි බවයි. මෙවැනි රෝහල්වල විදුලි නඩත්තු කටයුතු සිදු නොවීමත්, අවිධිමත් විදුලි රැහැන් ඇදීමත් නිසා මෙවැනි අනතුරු බහුල බවද කියැවෙයි.



Recommended Articles