බිරිඳගේ මරණයට ඉන්දීය පා.මන්ත්‍රී තරූර්ට චෝදනා


ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු එක්සත් ජාතීන්ගේ තානාපතිවරයෙකු වූ ශාෂි තරූර් වෙත බිරිඳගේ මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

2014 වසරේදී ඔහුගේ බිරිඳ වන සුනන්දා පුෂ්කර් හදිසි වියෝව සියදිවි හානිකර ගැනීමක් ලෙස මුලින් හැඳින ගැනුණත්, පසුව පොලීසිය සැකකරුවෙකු පිළිබඳ සඳහනක් නොකර සඳහන් කළේ එය මනුෂ්‍ය ඝාතනයක් බවට සාක්ෂි පවතින බවයි.

ඒ අනුව, දිල්ලි පොලීසිය දැන් මෙම මරණය සම්බන්ධයෙන් තරූරු වෙත චෝදනා ගොනුකරමින් පවසා ඇත්තේ සිය බිරිඳට අමානුෂික ලෙස සලකා ඇති ඔහු, ඇය සියදිවි හානිකර ගන්නා තත්ත්වයට පත්කර ඇති බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති තරූරු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තමා වෙත ඉතා සාහසික ආකාරයෙන් ඉදිරිපත් කර ඇති චෝදනාවන්ට ප්‍රබල පිළිතුරක් ලබාදීමට තමන් සූදානම් වන බවයි.

1_Tharoor



Recommended Articles