ඔසාමා බින් ලාඩ්න්ගේ හිටපු ප්‍රධාන පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කළ නසීර් අල්-බහාරී රෝගාතුරව සිට හදිසියේ ජීවිතක්ෂයට පත්වූ බව යේමන බලධාරීහු පවසති.
යේමන ජාතිකයෙකු වූ බිහාරී, දකුණුදිග මුකල්ලා නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිය යනවිට ඔහු සිය ජීවිතයේ 40 වැනි වියෙහි පසුවූ බව යේමන බලධාරීහු පවසති.
අබු ජන්ඩාල් යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන බිහාරි ඇෆ්ගනිස්තානයේදී හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩ්නගේ රියදුරා ලෙසද කටයුතු කර තිබේ.
2008 වසරේදී ග්වන්තනාමෝ බේ සිර කඳවුරින් නිදහස ලැබූ බිහාරි යේමනය වෙත පිටුවහල් කරනු ලැබීය.