බින් ලාඩන්ගේ සමීපතමයා ඇමෙරිකානු ප්‍රහාරයෙන් නසී


සිරියාව තුළ ඇමෙරිකානු ගුවන් හමුදාව සිදුකළ ගුවන් ප්‍රහාරයකින් ඔසාමා බින් ලාඩ්න්ගේ සමීප සගයෙකු ඇතුළු අල්කයිඩා සාමාජිකයන් 11දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පෙන්ටගනයේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ජෙෆ් ඩේවිස් පවසා සිටියේ පෙබරවාරි 3 වැනිදා සිදුකළ ගුවන් ප්‍රහාරයෙන් අල්කයිඩා සාමාජිකයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

එමෙන්ම, පෙබරවාරි 4 වැනිදා සිදුකළ ප්‍රහාරයෙන් අබු හානි අල්-මස්රි හෙවත්, ඔසාමා බින් ලාඩන්ගේ සමීප සගයෙකුද ජීවිතක්ෂයට පත්වූ බවද හෙතෙම පවසා සිටියේය.

වර්ෂ 1980 සහ 90 දශකවල අල්-මස්රි විසින් ඇෆ්ගනිස්ථානය තුළ අල්කයිඩා පුහුණු කඳවුරු පවත්වාගෙන ගිය බව දැනගන්ටන තිබේ.

2011 වසරේදී ඇමෙරිකනු ප්‍රහාරයකින් ඔසාමා බින් ලාඩන් ජීවිතක්ෂයට පත්වූ පසුව අල්කයිඩා සංවිධානයේ නායකත්වයට පත්වූ අයිමාන් අල්-ස්වාහිරීගේ සමීපතමයෙකු ලෙසද ඔහු සැලකෙයි.



Recommended Articles