ඉරාකයේ, බැග්ඩෑඩ් අගනුවර ජනාකීර්ණ වෙළෙඳ පොළක් වෙත එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 64 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉරාක අගනරය වෙත මෑතකදී එල්ල කෙරුණු අතිශය දරුණුතම ප්‍රහාරය ලෙස මෙය සැලකෙන අතර, IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ.
සදාර් ප්‍රදේශයේදී උදෑසන මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර, මින් තුවාල ලැබූ පිරිස 87කට වැඩි බවත්, ඉන් බහුතරය බරපතල තත්ත්වයේ පසුවන නිසා මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
සුන්නි මුස්ලිම්වරුන්ගෙන් සැදි ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් එරට ජීවත් වන ෂියා මුස්ලිම්වරුන් සලකන්නේ මිත්‍යා දෘෂ්ටිකයන් ලෙසය.
ප්‍රහාරයෙන් මියගිය පිරිසෙන් වැඩි දෙනා කාන්තාවන් හා දරුවන් බවද කියැවෙයි.