බැග්ඩෑඩ් කාර් බෝම්බ ද්විත්වයක් - 38ක් මරුට


බැග්ඩෑඩ් නගරයේ පුපුරාගිය මරාගෙන මැරෙන කාර් බෝම්බ ද්විත්වයක් හේතුවෙන් පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

ඉරාක අගනගරයේ ෂියා මුස්ලිම්වරුන් වැඩිපුර ගැවසෙන අතිශය කාර්ය බහුල චතුරස්‍රයකදී පළමු වැනි කාර් බෝම්බය පුපුරා ගොස් ඇති අතර, සිද්ධියෙන් 35 දෙනෙකු මියගොස් තවත් 61 දෙනෙකු තුවාල ලබා තිබේ.

එමෙන්ම, ඉන් සුළු වේලාවකට පසුව අල් කින්ඩි රෝහල් රථ ගාල තුළ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මෙම ප්‍රහාරයන් දෙකම සිදුකර ඇති අතර, ඔවුන් ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරමින් ප්‍රහාරය සිදුකර ඇති බව කියැවේ.



Recommended Articles