බැංගලෝර් කාන්තා හිංසන ගැන පුද්ගලයන් 6ක් දැලේ


ඉන්දියාවේ, බැංග්ලෝර් නුවර නව අවුරුදු උදාව දා රාත්‍රියේ තරුණියන් ඉලක්ක කරමින් සිදුවූ ලිංගික අඩම්තේට්ටම් සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.

එවැනි අඩම්තේට්ටම් සිදුවීම් කිහිපයක වීඩියෝ දසුන් සමාජජාල මාධ්‍යවල හුවමාරු වූ අතර, ඒවා පරීක්ෂා කිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවූ බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත්, මෙම හිංසනයන් සම්බන්ධයෙන් එසේ අගතියට පත්වූ පාර්ශ්වයන්ගෙන් පොලීසිය වෙත සෘජු පැමිණිලි කිරීම් නොතිබුණත්, සීසීටීවී රූප රාමු පරීක්ෂා කිරීමේදී ලැබුණු සාක්ෂි මත මෙම පුද්ගලයන් අත්අංගුවට ගැනීම සිදුවූ බවද පොලීසිය කියයි.

නව අවුරුදු උදාව සැමරීම වෙනුවෙන් නගර මධ්‍යයට රැස්වූ දසදහසකට අධික ජනතාව සමග මෙම හිංසනයන් සිදුවී ඇති අතර, විශේෂයෙන්ම තරුණයන් කණ්ඩායම් ලෙස තරුණියන් ඉලක්ක කරගෙන මෙම හිංසනයන් සිදුකර ඇති බවත් කියැවෙයි.



Recommended Articles