තායිලන්තයේ බැංකොක් නුවර එරවාන් හින්දු ආගමික මධ්‍යස්ථානය අසල බෝම්බ පිපිරීමේ ප්‍රධාන සැකකරු චීනයේ සුළුතර උයිගුර් මුස්ලිම් ජාතිකයෙකු බව කියයි.
තායිලන්තය මෙන්ම, චීනයද මෙය සනාථ කර ඇති බව බී.බී.සී.ය පවසයි.
ග්ලෝබල් ටයිම්ස් පුවත්පතට චීන බලධාරීන් පවසා ඇත්තේ මෙම ප්‍රහාරය ෂින්ජියෑග් බෙදුම්වාදීන්ගේ ප්‍රහාරයක් බවයි.
පුද්ගලයන් 20 දෙනෙකුට මරු කැඳවූ ප්‍රහාරයේ වගකීම ප්‍රහාරයෙන් පසුව කිසිවෙකු විසින් භාර නොගන්නා ලදී.
ඒ අනුව, ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන යුසූෆු මියේරාලී ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමක ප්‍රධාන කොටසක් බවයි.