බැංකොක් නුවරට හදිසි තත්ත්වයක්


දිගින් දිගටම පැවතින විරෝධතා හේතුවෙන් තායිලන්තයේ බැංකොක් අගනුවර ඇතුළු යාබද පළාත්වලට දින 60 හදිසි තත්ත්වයක් පැනවීමට තායිලන්ත රජය කටයුතු යොදා තිබේ.

විශේෂයෙන් බැංකොක් නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදුවන දැවැන්ත උද්ඝෝෂණ මාලාව මර්දනය කිරීමට එරට ආරක්ෂක අංශ වෙත වැඩි බලයක් ලබාගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව පැවසෙයි.

මේ උද්ඝෝෂණ හේතුවෙන් බැංකොක් අගනුවර කොටසක් වසා දමා ඇති අතර, ඔවුන් අගමැතිනී යින්ග්ලක් ශිනවත්‍රා බලයෙන් පහකළ යුතු බව තරයේ කියා සිටී.

රෑකඩයක් ලෙස යින්ග්ලක් පෙනී සිටියත් වත්මන් තායිලන්ත රජයේ පාලනය ඇගේ සොහොයුරා වූ හිටපු තායිලන්ත අගමැති තක්ෂින් ශින්වත්‍රා විසින් මෙහෙයවනු ලබන බව විරෝධතාකරැවෝ පවසති.

කෙසේ වෙතත් ධුරයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කරන යින්ග්ලක් පෙබරවාරි මස 02 වැනිදා මැතිවරණයක් කැඳවා තිබේ.

 



Recommended Articles