බැංකොක් අගනුවර ගැටුම් උත්සන්න වී ජීවිත හානි තුනක්


තායිලන්තයේ, බැංකොක් අගනුවර විරෝධතාකරුවන් ඉවත්කිරීම සඳහා පොලීසිය උත්සාහ කිරීමේදී ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

පසුගිය මාසයේ සිට විරෝධතාකරුවන් විසින් අල්ලාගෙන සිටින බැංකොක් අගනුවර රජයේ ගොඩනැගිලි හා කාර්යාල පිහිටි ප්‍රදේශය නැවත අත්පත් කරගැනීමට උත්සාහ කිරීමේදී මෙම පහරදීම් හා වෙඩි තැබීම් සිදුව ඇති බව කියැවෙයි.

මේ අතර, තායිලන්තයේ දූෂණ විරෝධී සංවිධානය පෙන්වා දෙන්නේ විවාදයට තුඩුදී ඇති සහල් සහනාධාර යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් අගමැතිනී යින්ග්ලක් ෂිනවත්‍රාට එරෙහිව චෝදනා ගොනු කෙරෙනු ඇති බවයි.

තායිලන්ත අගමැතිනියට හා රජයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ වන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිටය.



Recommended Articles