ස්පාඤ්ඤයේ, බාසිලෝනා නගරයේ වෑන් රථ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ රියදුරා තවමත් පළා යමින් සිටින බව ස්පාඤ්ඤ ආරක්ෂක අංශ විශ්වාස කරයි.
මීට පෙර ප්‍රහාරකයා ලෙස සැකකළ 18 හැවිරිදි මොවුස්සා ඔවුක්බිර් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරු ලෙස මුලින් හඳුනාගෙන තිබුණත්, ඔහු බටහිර බාසිලෝනාවේ කැම්බ්‍රිල්ස් කාර් රථ ප්‍රහාරයක් දියත් කිරීමට යෑමේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ සැකකරුවන් පස්දෙනාගෙන් කෙනෙකු ලෙස මේ වනවිට තහවුරු වී තිබේ.
ඒ අනුව, පළමු වෑන් රථ ප්‍රහාරකයා මොරොක්කෝවේ උපත ලැබූ යෝන්ස් අබවුයාකබ් ලෙස ස්පාඤ්ඤ මාධ්‍ය පෙන්වා දෙයි.
ස්පාඤ්ඤ පොලීසිය මේ දක්වා සිදුකළ පර්යේෂණවලදී මෙම සැකකරුවන් තවත් සුවිශේෂී ත්‍රස්ත ප්‍රහාර රැසක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබේ.
පසුගිය බදාදා ඇල්කෑනර් නගරයේ නිවසක පුපුරා ගිය බෝම්බය මුලින් ගෑස් කාන්දු වීමකින් ලෙස සැක කෙරුණත්, පසුව එය බෝම්බ සෑදීමට ගෙනා පුපුරණ ද්‍රව්‍යවලින් සිදුවූ පිපිරීමක් බවත්, එම පිපිරීම මෙන්ම බාසිලෝනා ප්‍රහාර අතර සෘජු සම්බන්ධයක් ඇති බවත් අනාවරණය විය.
මේ වනවිට බාසිලෝනා ප්‍රහාරයේ සැකකරු 22 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු බාසිලෝනා නගරයට උතුරින් වූ රිපෝල් නගරයේ පදිංචිකරුවෙකි. මේ වනවිට රිපෝල් සහ ඇල්කානර් යන ප්‍රදේශවලින් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
බාසිලෝනාවේ බ්‍රහස්පතින්දා එල්ල වූ වෑන් රථ ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලැබීය.
ඉන් අනතුරුව තවත් මෝටර් රථයක් යොදාගෙන කැම්බ්‍රිල්ස් හි එල්ල කිරීමට ගිය ප්‍රහාරය ව්‍යර්ථ වූ අතර, එහිදී ත්‍රස්තවාදීන් 5 දෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූහ.
මේ වනවිට යුරෝපය තුළ ජිහාඩ් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ඉහළ යමින් පවතින අතර, ඔවුන් හුදකලා වෘක්කයන් ලෙස වඩාත් දරුණු ප්‍රහාර සැලසුම් කරමින් සිටින බව බුද්ධි අංශ අනාවරණය කරමින් සිටියි.