ක්වල්කොම් ගනුදෙනුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් -ට්‍රම්ප්


සිංගප්පූරුව කේන්ද්‍ර කරගත් බ්‍රෝඩ්කොම් සමාගම විසින් මයික්‍රොචිප් නිෂ්පාදනයේ යෙදෙන ඇමෙරිකානු ක්වල්කොම් සමාගම අත්පත් කරගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් එම ගනුදෙනුව අවහිර කිරීමට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.

ඇ.ඩො.බිලියන 140කට මෙම ගනුදෙනුව සිදුවීමට නියමිතව තිබුණත්, එය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හානි කරනු ඇති බව පවසමින් ඇමෙරිකානු නායකයා මෙම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස 5G තාක්ෂණය සම්බන්ධයෙන් වූ සංවර්ධකයන් චීනය අතට පත්වීමේ අවදානමක් සම්බන්ධයෙන්ද අදහස් මතුවී තිබුණි.

යම් ලෙසකින් එම ගනුදෙනුව සිදුවූයේ නම් නූතන තාක්ෂණික ලෝකයේ සිදුවීමට ගිය දැවැන්ත ගනුදෙනුවක් ලෙස එය ඉතිහාසගත වීමටද නියමිතව තිබුණි.

බ්‍රෝඩ්කොම් විසින් ක්වල්කොම් සමාගම පවරා ගනු ලැබුවේ නම් ඉන්ටෙල් සහ සැම්සුන්ග් යන සමාගම්වලට පසුව ලොව තෙවැනි විශාලතම මයික්‍රොච්ප නිෂ්පාදකයා බවට පත්වීමට ඔවුන්ට හැකියාව තිබුණි.

නවතම 5G තාක්ෂණය වෙනුවෙන් ලෝකයේ මයික්‍රොචිප් තාක්ෂණය වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින අතර, ක්වල්කොම් සමාගම මෙම ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීමේ අටියෙන් කටයුතු කරමින් සිටියේ, බ්‍රෝඩ්කොම් සහ චීනයේ හුවාවි අභිභවමිනි.

1_qualcomm-chip 2



Recommended Articles