බ්‍රිතාන්‍ය IS සාමාජිකයන් 2නෙක් සිරියාවේදී අල්ලයි


IS  ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධව කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු සිරියාවේදී කුර්දි සටන්කාමීන් විසින් අල්ලාගෙන ඇති බව ඇමෙරිකානු රජය පවසයි.

ඇලෙක්සැන්ඩර් කොටේ සහ එල් ෂෆී එල්ෂෙකීහ් යන 34 සහ 29 යන වයස්වල පසුවන මොවුන් දෙදෙනා 'ද බීට්ල්ස්' යන අන්වර්ථ නමින් හැඳින්වුණු ලන්ඩනයෙන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට එක්ව සිටි සිව්දෙනාගෙන් ඉතිරිව සිටි දෙදෙනා බව පැවසෙයි.

ඔවුන්ට මේ ආකාරයෙන් 'ද බීට්ල්ස්' යන අන්වර්ථ නාමය යොදා ඇත්තේ ඔවුන් කතා කිරීමේදී බ්‍රිතාන්‍ය භාෂා විලාසයක් පෙන්වීම හේතුවෙනි.

ඇමෙරිකානු බලධාරීන් පෙන්වන්නේ මෙම විදේශීය ත්‍රස්තයන් විසින් අත්අඩංගුවට පත් බටහිර ජාතිකයන් 27කට වැඩි පිරිසක‍ගේ ගෙල සිඳ ඝාතනය කර ඇති බවත්, ඊට වැඩි පිරිසකට හිංසා කර ඇති බවත්ය.

1_collage 2



Recommended Articles