බ්‍රිතාන්‍ය ඉබෝලා රෝගියා සුවය ලබයි


බ්‍රිතාන්‍ය ජාතික ඉබෝලා රෝගියා සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව එරටින් වාර්තා වෙයි.

බටහිර අප්‍රිකාව තුළ ඉබෝලා වෛරසය ව්‍යාප්ත වීමෙන් පසු ඉබෝලා වෙත ගොදුරු වූ ප්‍රථම රෝගියා ලෙස මොහු සැලකෙයි.

29 හැවිරිදි විලියම් පූලේයි නම් වූ ඔහු ලන්ඩනයේ, රෝයල් ෆ්‍රී රෝහලේ විශේෂ කාමරයක ප්‍රතිකාර ලැබීය.

ඔහු වෙත පරීක්ෂණ මට්ටමේ පවතින ස්මැප් ඖෂධය ලබාදී ඇති අතර, අතිශය සුවිශේෂී පහසුකම් සහිතව ප්‍රතිකාර ලබාදී ඇති බවද කියැවෙයි.

කෙසේ වෙතත්, බටහිර අප්‍රිකානු රටවල් කිහිපයක මේ වනවිට ඉබෝලා පැතිරෙන අතර, ජීවිත 3,000ක් පමණ ඉබෝලා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles