බ්‍රිතාන්‍ය ජාතික IS අන්තවාදීන්ට ඩ්‍රෝන ප්‍රහාර


බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව සිය ඩ්‍රෝන යානාවක් යොදා ගෙන IS ඉස්ලාම් රාජ්‍යය වෙනුවෙන් සටන් වදින බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම අනාවරණයත් සමග බ්‍රිතාන්‍ය විසින් සිරියානු ගුවනේ සිදුකළ ප්‍රථම ගුවන් ප්‍රහාරය ලෙසද මෙය සැලකෙයි.

මෙය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට පිට ප්‍රහාරයක් බවට අගමැති ඩේවිඩ් කැමරන්ට චෝදනා එල්ල වනවිට, මෙය බ්‍රිතාන්‍ය සිය ආත්මාරක්ෂව වෙනුවෙන් ගත් පියවරක් බව අගමැතිවරයා අවධාරණය කළේය.

මේ ආකාරයෙන්ම ඉදිරියේදී බ්‍රිතාන්‍ය ජාතික ජිහාඩි ජෝන්ද ඝාතනය කෙරෙනු ඇති බව බ්‍රිතාන්‍ය වාර්තා පවසයි.



Recommended Articles