බ්‍රසීල වැඩබර්ජනය දරුණු අතට - රියෝ නුවර ගිනිගනී


වසර 20කට අධික කාලයකින් පසුව බ්‍රසීලයේ පැවති ප්‍රථම දැවැන්ත වැඩවර්ජනය දැඩි ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබේ.

බ්‍රසීලයේ රියෝ ද ජැනීරෝ නුවර බස් හා කාර් රථ රැසක් ගිනිබත් කර ඇති අතර, මංමාවත් අහුරමින් කඩ සාප්පුවලටද පහරදී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ආරම්භයේදී මෙම උද්ඝෝෂණ සාමකාමී ස්වරූපයක් ගෙන තිබුණු බවද කියැවෙයි. එහිදී බොහෝ පිරිස් සිය නිවෙස්වලටම වී ගත කර ඇති අතර, කඩ සාප්පු, පාසල්, බැංකු රට පුරා වසා දමා ඇති බවද පැවසෙයි.

බ්‍රසීලයේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් සිදුකිරීමට යන ප්‍රතිසංස්කරණවලට විරෝධය දක්වමින් මෙම දැවැන්ත වැඩවර්ජනය ආරම්භ වී තිබේ.

තමාගේ වැඩපිළිවෙළ බ්‍රසීලය තවදුරටත් නූතනවාදී රාජ්‍යයක් බවට පත්කිරීම බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති මයිකල් ටර්මර් පවසයි.

 



Recommended Articles