බ්‍රසීල තෙල් වංචාව ගැන ජනපතිනියට දැඩි විරෝධයක්


බ්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රවුසෙෆ්ට එරෙහිව මිලියනයක පමණ ජනතාවක් දැවැන්ත විරෝධතාවක් දැක්වූ බව විදෙස් වාර්තා පවසයි.

බ්‍රසීලයේ රාජ්‍ය තෙල් සමාගම හෙවත් පෙට්‍රෝබාස් හි සිදුවූයේ යැයි කියන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් ජනාධිපතිනිය වගකිව යුතු බවත්, මේ හේතුවන් ජනාධිපතිවරියට එරෙහිව වහාම විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවත් විරෝධතාකරුවෝ පවසති.

ඇය මෙම රාජ්‍ය තෙල් සමාගමේ ප්‍රධානත්වයට පත්වීමෙන් පසුව එහි වැඩිම වංචා හා දූෂණ සිදුව ඇති බව එරට විපක්ෂ ක්‍රියාකාරීහු චෝදනා නඟති.

කෙසේ වෙතත් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ජනාධිපතිවරිය, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් සිදු කෙරෙන බවද පවසයි.



Recommended Articles