බ්‍රසීල ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපතිනී ඩිල්මා රොයුසෙෆ් වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගත්තද, එම ධුරයට පත්වීම සඳහා අවශ්‍ය කරන 50% ක ඡන්ද ප්‍රතිශතය දිනාගැනීමට ඇය අපොහොසත් වීමත් සමග දෙවැනි වර ඡන්ද විමසීමක් සඳහා බ්‍රසීල මැතිවරණ නිලධාරීන් තීරණය කර තිබේ.
ඊයේ (05දා) පැවති පළමු වැනි වටයේදී ඩිල්මා 42% ක වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් අතර ඇයගේ ප්‍රතිවාදියා වූ මධ්‍ය දක්ෂිණාංශික අපේක්ෂක ඒසියෝ නෙවෙස් 34% ක ප්‍රතිශතයක් ලබාගැනීමට සමත් විය. එමෙන්ම, සමාජවාදී පක්ෂයෙන් පැමිණි මරිනා සිල්වා 21% ක ප්‍රතිශයත් ලබාගැනීමට සමත් විය.
ඒ අනුව, බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වර ඡන්ද විමසීම ලබන 26 වැනිදා සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි.