බ්‍රසීලයේ විශාලතම නගරය ලෙස සැලකෙන සාඕ පෝලෝ උග්‍ර ජල හිඟයකට මුහුණ දී ඇති බව වාර්තා වෙයි.
සාඕ පොලේ ආණ්ඩුකාරවරයා කඩිනම් සහන ඉල්ලා ඇති අතර, එරට ප්‍රධාන ජලාශවල ජල මට්ටම් වේගයෙන් පහළ යමින් පවතින බව කියැවෙයි.
මාස නවයක් පුරා නොසිතූ ආකාරයෙන් බලපෑ නියං තත්ත්වය මෙසේ ජලය 95% කින් පමණ අඩුවීමට හේතු වී ඇති බව වාර්තා වෙයි.
පසුගිය සතියේදී නැවත බලයට පත්වූ ආණ්ඩුකාර ගෙරාල්ඩෝ අල්ක්මින් පෙන්වා දෙන්නේ මේ තත්ත්වය තුළ ජනතාවට කඩිනමින් ජල සලාකයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.
සාඕ පෝලෝ නගරයට අමතරව බ්‍රසීලයේ තවත් නගර 29ක් මෙසේ උග්‍ර ජල හිඟයකට ලක්ව සිටින බවද කියැවෙයි.