බ්‍රසීලයේ දැවැන්තම සමූහ විවාහ මංගල්‍යය


බ්‍රසීලයේ රියෝ දි ජැනීරෝ නුවරදී විවාහ අපේක්ෂක ජෝඩු 2,000ක පමණ සහභාගීත්වයෙන් පැවති දැවැන්ත විවාහ මංගල්‍යය එම නගර ඉතිහාසයේ වැඩිම පිරිසක් එකවර විවාහ වූ අවස්ථාව ලෙස ඉතිහාස ගත විය.

රියෝ පාලනය විසින් මෙම සමූහ විවාහ උත්සවය සංවිධානය කර තිබුණේ නගරයේ විවාහ අපේක්ෂාවෙන් සිටින අඩු ආදායම්ලාභී තරුණ තරුණියන්ට විවාහ වීමේ  අවස්ථාව සලසා දීම සඳහාය.

ඒ අනුව, එරට දැවැන්ත ගෘහස්ත ක්‍රීඩාංගණයකදී විවාහ උත්සවය පැවති අතර, විවාහ අපේක්ෂකයන් හා ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් වෙනුවෙන් විශේෂ දුම්රියක්ද සංවිධායකයන් විසින් සපයා තිබුණි.

මෙම දැවැන්ත විවාහ උත්සවය වෙනුවෙන් ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙත 12,000ක පමණ පිරිසක් පැමිණ සිටි බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කරයි.

 



Recommended Articles