බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපොළ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවෙකු වන මොහොමඩ් අබ්‍රිනී, 2015 ප්‍රංශ ත්‍රස්ත ප්‍රහාරයේද සැකකරුවෙකු ලෙස ඔහුට එරෙහිව නිල පරීක්ෂණ ආරම්භ වී තිබේ.
පසුගිය වසරේ මාර්තු මාසයේදී බ්‍රසල්ස් ගුවන් තොටුපොළ ප්‍රහාරයට පැමිණි ප්‍රහාරකයන් සමග හිස් වැසුමක් පැළඳ සිටි පුද්ගලයා ලෙස මොහොමඩ් අබ්‍රිනි හැඳින ගැනුණි.
ප්‍රහාරයෙන් පසුව පළාගොස් තිබූ ඔහු පසුගිය අප්‍රේල් මාසයේදී බ්‍රසල්ස් නුවරදීම අත්අඩංගුවට පත්වූ අතර, මේ වනවිට ප්‍රංශ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුව ප්‍රංශය වෙත භාරදී තිබේ.
2015 නොවැම්බර් මාසයේදී පැරීසියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මොහොමඩ් අබ්‍රිනී ප්‍රංශයේ අගනුවර ප්‍රංශයේ අගනුවරට එල්ලකළ ප්‍රහාරයට පෙර එම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු වන සලාහ් අබ්දෙසලාම් සමග ගැවසී ඇති බවට අවස්ථා කිහිපයකදීම තොරතුරු හමුවී තිබේ.
ප්‍රංශ ප්‍රහාරයට දින දෙකකට පෙර පැරිස් නුවර ඉන්ධන පිරවුම්හලක් අසලට මෝටර් රථයෙන් ඔවුන් දෙදෙනාම පැමිණ ඇති අතර, පසුව ඔවුන්ගේ ඩී.එන්.ඒ. සහ ඇඟිලි සලකුණු ඔවුන් භාවිත කළ මෝටර් රථයේ මෙන්ම, ඔවුන් ගමන් කළ වෙළෙඳ සැල්වලින්ද හඳුනාගෙන තිබේ.