බෙල්ජියමේ, බ්‍රසල්ස් නගරය වෙත එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයේදී බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටවුම් පර්යන්තයේ, ඇමෙරිකන් එයාර්ලයින්ස් පරීක්ෂණ කවුළුව අසල සජීව දසුන් කිහිපයක් අන්තර්ජාලයට එක්විය.
එම අවස්ථාවට මුහුණදුන් මගීන් හා එහි රැඳී සිටි අය තම ජංගම දුරකථන භාවිතයෙන් ලබාගත් මෙම ඡායාරූප සමාජජාල අඩවි හරහා හුවමාරු වෙමින් පැවතිණි.
එහිදී, ප්‍රහාරයත් සමග තම ජීවිත බේරාගැනීම සඳහා ලෙයින් තෙත්වූ ශරීර සමග අසල මේස යට රිංගා ගැනීමටත්, එකිනෙකා ආරක්ෂා කරගැනීමටත් දරණ උත්සාහයන් මෙන්ම, මරණ බියෙන් හිස් ලූ ලූ අත දිවයන මිනිසුන්ගේ දසුන්ද මෙම ඡායාරූප අතර විය.