බ්‍රසල්ස් අපරාධ පරීක්ෂණ විද්‍යාගාරයට ප්‍රහාරයක්


බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර අපරාධ පරීක්ෂණ විද්‍යාගාරය ගිනි ගැනීමට පෙර එහි ගේට්ටුව කඩාගෙන මෝටර් රථයක් ඇතුළු වී ඇති බව කියයි.

එරට අධිචෝදක පවසන්නේ එරට වේලාවෙන් අලුයම 2.00ට පමණ මෙම මෝටර් රථය ගේට්ටු කඩාගෙන ඊට ඇතුළු වී ඇති බවයි.

මෙම විද්‍යාගාර තුළ අපරාධ පරීක්ෂණයන්ට වැදගත් අතිශය සියුම් දත්ත පවතින බවත්, මෙම ගින්න නිසා ඒවාට හානියක් සිදුව ඇතිද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් අධිචෝදක පෙන්වා දී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මුලින්ම මෙම ස්ථානයේ බෝම්බයක් පිපිරී ගිය බව බෙල්ජියම් මාධ්‍ය වාර්තා කළත්, එය සත්‍යයෙන් තොරව බව පසුව අනාවරණය විය.

එමෙන්ම, මෙය ත්‍රස්ත ප්‍රහාරයක්ද යන්නද මෙතෙක් පැහැදිලිව අනාවරණය කරගෙන නැතත්, පසුගිය කාලය පුරාවට බෙල්ජියමේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සහ ඒවායෙහි අපරාධ පරීක්ෂණ දිගින් දිගටම සිදුවන බැවින් මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවට අත්හළ නොහැකි බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles