බස් රියදුරෙකුගේ පුතෙක් බ්‍රිතාන්‍ය ස්වදේශ ඇමති වෙයි


මහා බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී බස් රථ රියදුරෙකු ලෙස කටයුතු කර තිබූ පාකිස්තාන ජාතිකයෙකුගේ පුත්‍රයක් එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත්ව තිබේ.

බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඇම්බර් රූඩ් එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග සජීඩ් ජාවීඩ්ට මෙම ධුරය හිමිවී ඇත.

එමෙන්ම, සුළුතර ජන කණ්ඩායමකින් එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් ප්‍රථම අමාත්‍යවරයා බවටද ඔහු පත්වෙයි.

සිය අමාත්‍යාංශය විසින් සකස් කළ සංක්‍රමණිකයන් ඉවත්කිරීමේ ඉලක්කවලින් හිතාමතා මන්ත්‍රීවරු නොමග යැවූ බව පවසමින් ඇය මෙසේ සිය ධුරයෙන් ඉවත්ව ඇත.

එමෙන්ම, ඇගේ ඉල්ලා අස්වීම අගමැති තේරේසා මේ විසින්ද අනුමත කර තිබේ.

1_UK MP



Recommended Articles