බල්ගේරියාවේ දරුණු ගංවතුරින් ජීවිත 12ක් අහිමියි


අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් නැගෙනහිර බල්ගේරියාවේ පුද්ගලයන් 12 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

කළු මුහුද වරාය නගරය ලෙස සැලකෙන වර්නා පළාතේ පමණක් අඩි 3ක් ඉක්මන ප්‍රබල ජල කඳක් නගරය හරහා ගමන් කර ඇති බව කියැවෙයි.

කෙසේ වෙතත් ගංවතුරට හසුවූ බොහෝ දෙනෙකු බේරා ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වුවත් මෝටර් රථ ගංවතුරේ පාවී යන ආකාරය දැකගත හැකි වූ බව විදෙස් පුවත්සේවා පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් වැඩි පිරිසකට විදුලිය හෝ ආහාර නොමැතිව සිටින බවද පැවසෙයි.

කෙසේ වෙතත් මේ වනවිටත් බල්ගේරියාවේ ප්‍රදේශ රැසකට අධික වර්ෂා පතනයක් ලැබෙන අතර, මෙය දින කිහිපයක් බලපැවැත්වෙනු ඇති බව කාලගුණ අංශ පෙන්වා දෙයි.

වර්නා නගරයේ පමණක් පුද්ගලයන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් දෙදෙනෙකු දරුවන් බව කියැවෙයි.



Recommended Articles