කාන්තාවන්ගේ වන්ද්‍යකරණ සැත්කම්වලට වෛද්‍ය මෙවලම් අතර බයිසිකල් හුලං පොම්ප යොදාගන්නා බවට ඉන්දියාවෙන් වාර්තාවීමත් සමග එරට ඔරිස්සා ප්‍රාන්තය තුළ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම තහනමට ලක්ව ඇති බව වාර්තා වෙයි.
පසුගිය සිකුරාදා දිනයේ පමණක් කාන්තාවන් 56 දෙනෙකුට මෙම සැත්කම කිරීම සඳහා තමන් බයිසිකල් පොම්පයක් යොදාගත් බව වෛද්‍ය මහේෂ් චන්ද්‍රා රවුට් බී.බී.සී.ය වෙත පවසා තිබුනේ, මෙම ක්‍රියාව ඔරිස්සා ප්‍රාන්තයේ ඉතා සුලභව සිදුවන බවද පෙන්වා දෙමිනි.
මෙම සැත්කම්වලදී කාන්තාවන්ගේ උදරය පිම්බීම වෙනුවෙන් කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍යයෙන් භාවිතකළත්, මෙසේ බයිසිකල් පොම්පයක් යොදා හුළං පිරවීම අතිශය අවදානම් සහගත හා සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි ක්‍රියාවක් බව එම ප්‍රාන්ත බලධාරීහු පවසති.